Sinhala

සංක්‍රාන්ති යුක්තිය සහ මාධ්‍ය පිළිබඳව කතා කරන විට, මාධ්‍ය ප්‍රධාන භූමිකා ද්විත්වයක් රඟ දක්වයි. පළමු අවස්ථාවේදී මාධ්‍ය යනු සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ එක් විෂයකි. යුද්ධයක හෝ ඒකාධිපති පාලනයක අවසාන පරිච්ඡේදයේදී මාධ්‍ය හැසිරුණු ආකාරය පිළිබඳව අධ්‍යයනයක් කිරීම සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේදී අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස මාධ්‍ය විසින් ගැටුම් අවුළුවා ලීමට කටයුතු කලේද? එසේත්…
නිදහස් දිනයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රථමවරට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව පිළිබඳව විවෘත අදහස් දැක්වීමක් කළේය. ජනාධිපතිතුමා අවධාරණයෙන් කියා සිටියේ රටෙහි ස්වෛරීත්වය, නිදහස සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවය රැකගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ක්‍රියාත්මක කරන බවයි. මෙම කථාව විවිධ අයුරින් අර්ථ නිරුපනය කර ඇත. ඇතැමෙක් එය මානව හිමිකම්…
දශක ගණනාවක් පුරා කල ඉල්ලීම් වල ප්‍රතිපලයක් ලෙස, පසුගිය වසරේ දෙසැම්බර් මස 10 වන දින ලෝක මානව හිමිකම් දිනය සමරමින්, ලංකා රජය විසින් “බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමෙන් පුද්ගලයන් ආරක්ෂා කිරීම පිලිබඳ අන්තර්ජාතික සම්මුතිය”ට අත්සන්කරන බවට නිවේදනය කළේය. මෙය, මෙතෙක් කල් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමෙන් පීඩාවට පත් වින්දිතයන් හා…
ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින් මෑතකදී පල කරන ලද ලිපි කිහිපයක මෙන්ම විවිධ මාධ්‍යයන් සමඟ කල සම්මුඛ සාකච්ඡා වලදී සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බවයි. එක්සත් ජාතීන්ගේ වරනීයතාවය සහ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ තත්වය පිලිබඳ ඔහු විසින් තර්ක කිහිපයක්ම…
ශ්‍රී ලකාවේ මානව හිමිකම් පිලිබඳ ගැටළු වලට අන්තර්ජාතික මැදිහත් වීම සම්බන්ධයෙන් පැහැදිලි පදනමක සිට මුලිකත්වය ගෙන කටයුතු කිරීමට මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසි වාරයේදී ශ්‍රී ලංකාව සමත් විය. වාර්තාවේ සඳහන් බොහෝ නිර්දේශයන් පුර්ව වශයෙන් යොදා ගැනීමට මංගල සමරවීර මහතා මෙම අවස්ථාව උපයෝගී කර ගත්තේය. එතුමා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ…