16 October 2015

ආචාර්ය දයාන් ජයතිලකයන්ට පිළිතුරක්: ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාව සහ සංක්‍රාන්ති යුක්තිය පිලිබඳ කරුණු කිහිපයක්..

Written by

ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින් මෑතකදී පල කරන ලද ලිපි කිහිපයක මෙන්ම විවිධ මාධ්‍යයන් සමඟ කල සම්මුඛ සාකච්ඡා වලදී සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බවයි. එක්සත් ජාතීන්ගේ වරනීයතාවය සහ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ තත්වය පිලිබඳ ඔහු විසින් තර්ක කිහිපයක්ම ඉදිරිපත් කර තිබිණ. ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව, එහි නිර්දේශයන් මෙන්ම අනාගත දේශීය වැඩපිළිවෙලක් වේනම් ඒ සියල්ල පිළිබඳව ගැඹුරින් විවාද කල යුතුය. එහෙත් එවැනි සංවාද කල යුත්තේ කරුණු මත පදනම් වෙමින් අප රටේ නීති පද්ධතිය සහ ලෝකයේ වෙනත් රටවල සංක්‍රාන්ති යුක්තිය පසිඳලීම සිදු කර ඇති ආකාර පිලිබඳ මනා අවබෝධයක් ඇතිවය.

මිශ්‍ර අධිකරණයක් පිහිටුවීම, පාලනය විදේශිකයන්ට පැවරීමකට සමාන වේ.

ශ්‍රී ලංකාව පිලිබඳව, මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපත් කල වාර්තාව නිර්දේශ කරන ලද්දේ ශ්‍රී ලංකාව තුල “තත් කාර්ය” විශේෂ මිශ්‍ර අධිකරණයක් පිහිටුවිය යුතු බවයි. එහෙත් ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහය ඇතිව ඉදිරිපත් කල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවේ “මිශ්‍ර” යන වචනය භාවිත කර නොමැත. ඒ වෙනුවට පොදු රාජ්‍ය මණ්ඩලීය හෝ විදේශීය විනිසුරුවරුන්, පැමිණිලි මෙහෙයවන්නන්, විත්තියේ නීතිඥවරුන් සහ විමර්ශන නිලධාරීන්ගේ සහභාගිත්වය සහිත අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීමට රජය එකඟතාවය පල කළේය.

යම් ක්‍රියාවලියක් හඳුන්වන්නේ “මිශ්‍ර අධිකරණයක්” ලෙසින්ද එසේ නොවේනම් “විශේෂ නීති උපදේශක කාර්යාලයක්” ලෙසින්ද යන්න අදාල නොවේ. මිශ්‍ර අධිකරණයක් යන්නට නිශ්චිත නිර්වචනයක් නැත. මෙතෙක් කල් පිහිටුවා තිබු සෑම මිශ්‍ර අධිකරණයක්ම රටෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල වන පරිදි පිහිටුවා තිබිණ. බොහෝවිට ඒවා දේශීයව පනතක් සම්මත කිරීම මගින් පිහිටවනු ලැබීය.

ආචාර්ය දයාන් ජයතිලක මහතාගේ උපකල්පනයට අනුව මිශ්‍ර අධිකරණයේ කටයුතු සඳහා විදේශිකයන් සහභාගි වීම නිසා කිසිදු විවාදයකින් තොරව මෙම මිශ්‍ර අධිකරණය විදේශිකයන්ගේ පාලනයට යටත් වනු ඇත. එනම් එවැනි යාන්ත්‍රනයක් පිහිටුවීම එහි යතුරු විදේශිකයන්ට පැවරීමක් වනු ඇති බවයි. ආචාර්ය දයාන් ජයතිලකයන් පමණක් නොව තවත් බොහෝ දේශපාලකයන් සහ විචාරකයන්ද අනුමාන කර ඇත්තේ අන්තර්ජාතික සහභාගිත්වය තිබු පමණින් එය මුලුමනින්ම විදේශිකයන්ගේ පාලනයට නතු වනු ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව හොදින් කියවා බැලු විට මෙය සැබෑවක් නොවන බව මානව පැහැදිලි වේ. ඕනෑම විශේෂ අධිකරණයක් පිහිටු වනු ලබන්නේ ශ්‍රී ලංකා රජය මගිනි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(1)(ඇ) වගන්තිය යටතේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සාමාන්‍ය බහුතරයක් සහිතව පනතක් සම්මත කිරීමෙන් අධිකරණයක් හෝ විනිශ්චය සභාවක් පිහිටුවිය හැකිය. එමනිසා අධිකරණයේ අධිකරණ බලය, ව්‍යුහය සහ රාමුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් තීරණය කෙරේ. උදාහරණයක් ලෙස අධිකරණයට පත් කරන විනිසුරුවරුන් ගණන සහ අභියාචනා ක්‍රියාවලිය පිලිබඳ තීරණය වන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන පනතක් මගිනි.

එසේම එකී අධිකරණයට කරනු ලබන විදේශීය නිලධාරීන් ඇතුළු පත්කිරීම් සියල්ල සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසිනි. එලෙස පත් කරනු ලබන
සියලු නිලධාරීන්ගේ කාර්යභාරයන්, බලතලයන්,ගෙවීම් ඇතුළු සේවාව සම්බන්ධ සියලු නියමයන් හා කොන්දේසි පැනවීමද තීරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසිනි.

වඩා වැදගත් වන්නේ පිහිටුවනු ලබන ඕනෑම අධිකරණ ක්‍රියාවලියක් ස්වාධීන වීම, අපක්ෂපාති වීම සහ ඊට යටත් වන කාර්යභාරය ඉටු කිරීම සඳහා අවශ්‍ය කරන දැනුමෙන් කුසලතාවයෙන් හා අත්දැකීම් වලින් යුක්ත වීමයි. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුල විදේශීය සහභාගිත්වය අලුත් දෙයක් නොවේ. නිදහසින් පසු මුල් වසර 24 තුල ප්‍රිවි කවුන්සිලය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ කොටසක්ව පැවතින.

ප්‍රිවි කවුන්සිලය බ්‍රිතාන්‍ය විනිසුරුවරුන්ගෙන් සැදුම් ලත් එකක් විය. එම කාලයේදී එය ශ්‍රී ලංකාවේ නිදහසට තර්ජනයක් ලෙස සැලකුනේ නැත. මෑතකදී නිහාල් ජයවික්‍රම තර්ක කල පරිදි නිදහසින් වසර 8කට පසුත් ශ්‍රී ලංකාව සතුව මිශ්‍ර ශ්‍රේෂ්ඨාධිකරණයක් පැවතින. නිදහසින් පසු මුල් වසර අට තුල ශ්‍රී ලාංකික නොවන විනිසුරුවරුන් තිදෙනෙක් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කලෝය. ඒහා සමානවම බණ්ඩාරනායක ඝාතනයේ සහ ජනාධිපති ප්‍රේමදාස ඝාතනයේ විමර්ශන වලටද විදේශීය විශේෂඥයින් මැදිහත් වුහ. එසේම ඩෙන්සිල් කොබ්බැකඩුව මහතාගේ මරණය සම්බන්ධ විමර්ශනයේදීද විදේශීය විනිසුරුවන් සහභාගී වුහ.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ තත්වය

ශ්‍රී ලංකාවට ශ්‍රේෂ්ඨ අතීතයක් තිබුනේ යයි තර්ක කිරීමට ආචාර්ය දයාන් ජයතිලකයන් උත්සහ ගනී. අනිවාර්යන්ම ශ්‍රී ලංකාවේ ඇතැම් ආයතන වලට ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබී ඇත. කෙසේ වෙතත් ඒවායේ වර්තමාන තත්වය එහි අතීතය පිළිබිඹු නොකරයි. සත්‍ය ලෙසම දයාන් ජයතිලක මහතා පවසන පරිදි ශ්‍රී ලංකාවෙන් සී.ජී. වීරමන්ත්‍රී විනිසුරුතුමා වැනි ඉතාම විශ්වසනීය සහ ගෞරවාන්විත විනිසුරුවරුන් බිහි වී ඇත. කණගාටුවට කරුණක් වන්නේ මෙවැනි ගෞරවාන්විත සේවාවන් ඉටු කල විනිසුරුවරුන්ගේ සේවය, ශ්‍රී ලාංකීය නීති පද්ධතියේ පිලිබිඹුවක් නොවීමයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවේ විශේෂයෙන් සඳහන්ආකාරයට, හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා , මාධ්‍යාවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධව ශ්‍රී ලංකාවේ අධිකරණයට පමණක් නොව එක්සත්ජාතීන්ගේ කෘර වද හිංසා වලට එරෙහි වීමේ කමිටුවටද අසත්‍ය කරුණු දක්වා ඇත. මෑතකදී තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු සිය මෙහෙකාරියට හිංසා කිරීමට එරෙහිව සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය මුහුණ පා සිටි ගැටළු රැසකට විසදුම් සපයයි.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට එරෙහිව ඉදිරිපත් වන ඕනෑම චෝදනාවකට පිළිතුරු සැපයීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් හැකියාව ලැබී ඇති බවට තර්ක කිරීමට ආචාර්ය දයාන් ජයතිලක මහතා උත්සාහ ගෙන ඇත. මීට හේතුවන්නට ඇත්තේ එක්කෝ ඔහු 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇත්තේ මොනවද යන්න නොදැනීම හෝ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය මුහුණ දෙන ගැටළු මොනවද යන්න නොදැනීමයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට සහ අධිකරණ සේවා කොමිෂන් සභාවට මෙන්ම පොලිස් කොමිසමට සිදුකරන පත්වීම් තීරණය කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යලි පිහිටුවා ඇත. එම නිසා අනාගතයේ පත් වන විනිසුරුවරුන් සහ ඉහල පොලිස් නිලධාරීන් තෝර ගැනීම්හි ස්වාධීනත්වය ඉහල යනු ඇතැයි අනිවාර්යෙන්ම තර්ක කල හැකිය.

කෙසේවෙතත් අවධාරනය කර ගත යුත්තේ ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ ඇති ගැටලුව අධිකරණයේ ස්වාධීනත්වය පිලිබඳ ගැටලුව පමණක් නොවන බවයි. ශ්‍රී ලංකාවේ අපරාධ යුක්තිය පිලිබඳ වන සෑම පියවරක්ම ගැටළු සහිතය. ශ්‍රී ලංකාවේ අපරාධ නීති පද්ධතිය මානව හිමිකම් උල්ලංඝනය වීම පිලිබඳ කටයුතු කිරීමට තරම් ශක්තිමත් නැත. පොලිස් පරීක්ෂණයන් නිසි පරිදි ස්වාධීනව ක්‍රියාත්මක වන්නේ නැත. වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට ප්‍රමාණවත් තරම් ආරක්ෂාව ලැබෙන්නේද නැත. මානව හිමිකම් උල්ලංඝනය වීම් වලට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව සාර්ථකව නඩු පැවරීම පිලිබඳ නීතිපති දෙපාර්තමේන්තුව ඉටු කර ඇති සේවය ගුණාත්මක බවින් ඉතා පහල මට්ටමක් පෙන්නුම් කර තිබේ.

මානව හිමිකම් වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර තිබු ආකාරයට ලෝකයේ දෙවනුවට වැඩිම සංඛ්‍යාවක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධීන් ගණනක් වාර්තාවේ ඇත්තේ ශ්‍රී ලංකාවෙනි. ශ්‍රී ලංකාවේ වෙසෙන සුළු ප්‍රමාණයක් වූ ජනගහනය සමග සාපේක්ෂව බැලූ කල එම සංඛ්‍යාව ඉතා ඉහල අගයකි. අද දක්වාම මෙවැනි බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් පිළිබඳව විමර්ශනය කර නඩු පැවරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ඉතා අල්පය. එසේම ශ්‍රී ලංකාව සතුව දශකයකට වඩා පැරණි කෘර වද හිංසා කිරීම් සාපරාධී ක්‍රියා ලෙස හඳුනාගත් පනතක් තිබුනද, ඒ යටතේ සාර්ථකව පැමිණිලි මෙහෙයවා අවසන් කර ඇති නඩු ගණන 10කටත් අඩුය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුවද ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති ක්‍රියාවලියේ මෙවැනි ගැටළු තවමත් නොවිසඳී පවතී. රාජපක්ෂ පාලන සමයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ මුල්‍ය අපරාධ සිදු කරඇත්ද යන කරුණු පිලිබඳව කෙරෙන විමර්ශනහි වර්තමාන තත්වය ශ්‍රී ලංකාවේ අපරාධ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියේ දුර්වලතා පැහැදිලිව දක්වයි. තවදුරත් හිටපු එල්.ටි.ටි.ඊ නායක කරුණා අම්මාන්ට විරුද්ධව නඩු පැවරීමට තවමත් නොහැකි වීම සහ ඇවන්ට් ගාඩ් සිද්ධිය යට යාම මීට උදාහරණ සේ දැක්විය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට මහින්ද රාජපක්ෂ මහතා දුන් පොරොන්දුව.

ආචාර්ය දයාන් ජයතිලක මහතා හොව දක්වන්නේ මහින්ද රාජපක්ෂ මහතා සහ මහා ලේකම් බැන්කි මූන් මහතා අතර අත්සන් තැබූ ඒකාබද්ධ ප්‍රකාශයෙන් පොරොන්දු වුයේ ශ්‍රී ලංකාව තුල වගවීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පමණක් බවයි. ඔහුගේ තර්කය වන්නේ ශ්‍රී ලංකාව කිසිසේත්ම වගවීම පිලිබඳ යාන්ත්‍රණයක් ඇති කිරීමට එකඟ වුයේ නැති බවයි. එය ව්‍යාජ තර්කයකි. ඒකාබද්ධ ප්‍රකාශය “ක්‍රියාමාර්ග” යන්න නිර්වචනය නොකිරීම පිළිබඳව ආචාර්ය දයාන් ජයතිලකයන් නිවැරදිය. එහෙත් එවැනි ඕනෑම ක්‍රියාමාර්ගයක් විශ්වසනීය, ස්වාධීන හා අර්ථ සම්පන්න විය යුතු බව ව්‍යංගයෙන් එහි අඩංගු බව බැහැර කල නොහැක. පැහැදිලිව කිවතොත් අන්තර්ජාතික නීතියට අනුව බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව වග වීමට ගන්න ක්‍රියාමාර්ග අතරට කාර්යක්ෂම,විශ්වසනීය හා ස්වාධීන විමර්ශනයන් මෙහෙයවීම මෙන්ම නඩු පැවරීමද අවශ්‍ය වේ.

රාජපක්ෂ රෙජීමය උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමත් අතුරුදන් වුවන් පිලිබඳ කොමිසමත් පිහිට වූ බව සැබෑය. එහෙත් ඉන් එකක්වත් විශ්වසනීය
වුයේවත් ස්වාධීන වුයේ වත් නැත. එක්සත්ජාතීන්ගේ වාර්තාව සවිස්තරව දක්වන ආකාරයට, යුද්ධය අවසන් සමයේදී සිදුවූ ඉතා බරපතල ගනයේ අපරාධ පිළිබඳව සත්‍ය තොරතුරු වාර්තා කිරීමට උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම අසමත් විය. උදාහරණයක් ලෙස යුද්ධයේ අවසන් සමයේ වන්නි ප්‍රදේශයේ ජනතාවට අවශ්‍යතරම් මානුෂීය ආධාර සැපයීමට රජය ප්‍රමාණවත් පියවර ගත බව වාර්තාවේ සඳහන් වුවද එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සොයාගැනීම් වලට අනුව වන්නි ජනතාවට ආධාර ලබා දීමේදී රජය විසින් සිතාමතාම ආධාර අවශ්‍ය ජන සංඛ්‍යාව අඩුවෙන් ගණන් බලා සැබෑ ගණන 284,000 පමණ වන විට ඉදිරිපත් කර ඇත්තේ 70,000කට මානුෂීය ආධාර අවශ්‍ය බවයි.

එක්සත් ජාතීන්ගේ වාර්තාව අසාධාරණ ලෙස ශ්‍රී ලංකාව ඉලක්ක කර ඇත.

මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව “එක් සුවිශේෂී සිද්ධියක්” බවට කල ප්‍රකාශය මත ආචාර්ය ජයතිලකයන් බොහෝ දේ කියා ඇත. මහා කොමසාරිස් වරයා ශ්‍රී ලංකාව පිලිබඳ වාර්තාව ඊටම “ආවේනික” වූ එකක් බව කී බව සත්‍යයකි. ඊට හේතුවුයේ විමර්ශනයක් පැවැත්වෙන අතරතුර ආණ්ඩු මාරු වීමත් වාර්තාව ප්‍රමාද කිරීමට මහා කොමසාරිස් කාර්යාලය එකඟ වීමත් සිදු වූ පළමු අවස්ථාව මෙය වීමයි.

ආචාර්ය ජයතිලකයන් තර්ක කර ඇත්තේ මානව හිමිකම් පිලිබඳ මහා කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව වෙන් කොට වෙනස් සේ සලකමින් අසාධාරණයක් සිදු කරන බවයි. සියල්ලටම පළමුවෙන්ම අවබෝධ කර ගත යුත්තේ ශ්‍රී ලංකාවට අනෙක් රටවල වැරදි වලට මුවාවී තම වැරදි වසා ගත නොහැකි බවයි. ආචාර්ය ජයතිලකයන්ගේ තර්කයට අනුව ශ්‍රී ලංකාව වෙනත් රටක් අත්පත් කරගැනීම හෝ වෙනත් රටක හමුදාවක් පරාජය කිරීම සිදු කර නැත. එසේම මහ කොමසාරිස් කාර්යාලය ලිබියාව සහ සිරියාව වැනි වෙනත් රටවල් පිළිබඳව කටයුතු කර නැති බවද ඔහුගේ තර්කයට ඇතුලත්ය. එහෙත් මෙය පැහැදිලිවම අසත්‍යයකි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ලිබියාවේ තත්වය අන්තර්ජාතික අපරාධ අධිකරණයට යොමු කර තිබේ.

ලිබියාවේ හිටපු නායක මොහොමඩ් ගඩාෆිගේ පුත් සෛෆ් ගඩාෆිට විරුද්ධව අධි චෝදනා ගොනු කර ඇත. ලිබියාවේ සිදුවූ දරුණු ගනයේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව මානව හිමිකම් කවුන්සිලය විසින් විමර්ශන වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇත. තවත් විමර්ශනයක් සිදු වෙමින් පවතී. එසේම මේ
වන විට සිරියාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව වාර්තා දහයක් මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කර ඇත.

එසේම පසු ගිය සතියේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා විසින් ඇමරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයේ කුන්දුස් හි පිහිටි රෝහලට එල්ල කල ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළේය. හෙතෙම වැඩි දුරටත් එම ප්‍රහාරය පිලිබඳ විනිවිද භාවයෙන් යුත් පූර්ණ කඩිනම් විමර්ශනයක් සිදු කිරීමේ අවශ්‍යතාවය දක්වා සිටියේය.

එක්සත් ජාතීන් විසින් මිශ්‍ර අධිකරණයක් නිර්දේශ කරන පළමු අවස්ථාව.

කැම්බෝඩියාව, නැගෙනහිර ටිමෝරය ඇතුළු රටවල් කිහිපයකටම එක්සත් ජාතීන් විසින් මිශ්‍ර අධිකරණ නිර්දේශ කර තිබේ. බොහෝ විට එක්සත් ජාතීන්ගේ වාර්තාවන් නිර්දේශ කරන්නේ රටවල් අන්තර්ජාතික අපරාධ අධිකරණයට යොමු කල යුතු බවයි.

උතුරු කොරියාව, ඩාෆුර්, ලිබියාව, සිරියාව සහ අත්පත් කරගෙන සිටින පලස්තීන දේශ සීමාව ඇතුළු දරුණු ගනයේ මානව හිමිකම් උල්ලංගනය වීමේ සිද්ධීන් රැසක් පිළිබඳව මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විමර්ශනයන් සිදු කර ඇත. උතුරු කොරියාව, ඩාෆුර් සහ සිරියාව පිලිබඳ විමර්ශන වාර්තා මගින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට මෙම සිද්ධීන් අන්තර්ජාතික අපරාධ අධිකරණයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබේ. එසේම දේශීය වගවීමේ යාන්ත්‍රණයක් තහවුරු කිරීමට ඊශ්‍රායල රජය අපොහොසත් වුවහොත් සිද්ධිය අන්තර්ජාතික අපරාධ අධිකරණයට යොමු කිරීමට අත්පත් කරගෙන සිටින පලස්තීන දේශ සීමාව පිළිබඳව එක්සත්ජාතීන් නිකුත් කල ගෝල්ඩ් ස්ටෝන් විමර්ශන වාර්තාව නිර්දේශ කර ඇත.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව පිලිබඳ වාර්තාව ශ්‍රී ලංකවට එරෙහිව එවැනි නිර්දේශයක් ඉදිරිපත් කර නැත. අවම වශයෙන් මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව පිලිබඳ තත්වය ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කලයුතු යයි යනුවෙන් යෝජනාවක්වත් මෙහි අඩංගු නොවේ. ඒ වෙනුවට ශ්‍රී ලංකාව විසින් ඔවුන්ගේම දේශීය අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවා ගත යුතු බවට එමගින් නිර්දේශ කර තිබේ. වාර්තාවේ 1245 වන පරිච්ඡේදයේ ශ්‍රී ලංකාව සතුව විදග්ධ අධිකරණ පද්ධතියක් ඇති බව පැහැදිලිව දක්වා තිබේ. එහෙත් එවන් විදග්ධ අධිකරණ පද්ධතියකට වුවද අන්තර්ජාතික අපරාධ විමර්ශනයට ශක්‍යතාවයක් නොමැත. ඊට හේතු වන්නේ අන්තර්ජාතික අපරාධ පිලිබඳ නඩු මෙහෙයවීමට විශේෂඥ දැනුම, කුසලතා සහ අත්දැකීම් අවශ්‍ය වීමයි.

විශ්වීය අධිකරණබලය පිලිබඳ නිර්දේශයන්

මානව හිමිකම් උල්ලංඝනයට වගකිවයුත්තන්ට විරුද්ධව විමර්ශන පවත්වා නඩු පැවරීමට එක්සත් ජාතීන් විසින් සිය සාමාජික රටවල් උනන්දු කරවමින් දක්වා තිබු ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවේ 36 වන නිර්දේශය පිළිබඳවත් ආචාර්ය ජයතිලකයන් කරුණු දක්වා ඇත. මෙයද ශ්‍රී ලංකාව පිලිබඳ වාර්තාවට පමණක් ආවේනික වූ වෙනස්ම නිර්දේශයක් නොවේ. පුරවැසියන් නොවන පුද්ගලයන් වෙනත් රටවලදී කරන අපරාධයන් සම්බන්ධයෙන් ඔවුනට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඇති බලය හෙවත් විශ්වීය අධිකරණ බලය යන්න ස්පාඤ්ඤ වැනි රටවල් කිහිපයක් පිළිගත් නීතිමය සංකල්පයකි. ඩාෆුර් විමර්ශන වාර්තාව ඇතුළු එක්සත්ජාතීන්ගේ වෙනත් විමර්ශන වාර්තා වලද මෙවැනි නිර්දේශ අඩංගු වේ.

විශ්වීය අධිකරණ බලය එක්සත්ජාතීන්ගේ කිසිදු මැදිහත් වීමකින් තොරව භාවිත කල හැකිය. එක්සත් ජාතීන් විසින් නිර්දේශ කලද නොකලද යම් රටක් විශ්වීය අධිකරණබලය පිළිගන්නේ නම් ඔවුනට වෙනත් රටක සිදු වූ අපරාධ පිළිබඳව විමර්ශන පවත්වා නඩු පැවරිය හැකිය. අතීතයේදී ශ්‍රී ලංකාව තුල එල්.ටි.ටි.ඊ.ය විසින් සිදු කල මානව හිමිකම් උල්ලංඝනයට එරෙහිව කැනඩාව සහ නෙදර්ලන්තය විසින් මෙම විශ්වීය අධිකරණබලය භාවිත කරමින් දේශ සීමාවෙන් පිටත අධිකරණබලය ක්‍රියාත්කිරීම පිලිබඳ වගන්ති යටතේ විමර්ශන පවත්වා නඩු පැවරීය.

රටවල් විසින් දේශීය වගවීමේ යාන්ත්‍රණයන් පිහිටුවාගත් අවස්ථාවලදී එසේ කර ඇත්තේ ගැටුම් අවසන් වී වසර 30කට පමණ පසුවයි.

ආචාර්ය ජයතිලකයන් තව දුරටත් සඳහන් කරන්නේ යුද්ධයකින් පසු රටවල් විසින් දේශීය වගවීමේ යාන්ත්‍රණයන් පිහිටුවාගෙන ඇත්තේ ගැටුම් අවසන් වී වසර 30-40කට පමණ පසුව බවයි. මානව හිමිකම් උල්ලංඝනය වී දශක ගණනාවකට පසු ඒ පිලිබඳ විමර්ශන සිදු කල අවස්ථා පිලිබඳ බැලූ විට මෙම ප්‍රකාශය නිවැරදිය. කෙසේවෙතත් දයාන් ජයතිලක මහතා ලතින් අමරිකාව උදාහරණයක් ලෙස ගෙන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳ විමර්ශනයට හා නඩු පැවරීමසිදු කරන්නේ ඒවා සිදු වී වසර 30, 40ක් ගත වූ පසු බව දක්වයි. මෙය කරුණුමය වශයෙන් නිවැරදි නොවේ.

උදාහරනයක් ලෙස චිලි රාජ්‍යයේ ජෙනෙරල් පිනොශේගේ රෙජීමය අවසන් වුයේ 1989 වසරේදීයි. එම වසරේදීම (1989) ජනාධිපති ඇල්වින් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් පිලිබඳ විමර්ශනයට සත්‍ය විමර්ශන කොමිසමක් පත් කළේය. සත්‍ය විමර්ශන කොමිසමේ සොයා ගැනීම් වසර 2කට පසුව 1991 වසරේදී නිකුත් කෙරිණි. ජෙනරාල් පිනොශේගේ පාලනය බිඳ වැටි වසර 9කට පසු බ්‍රිතාන්‍යයේදී ඔහුව අත්අඩංගුවට ගැනිණි.

ඒ හා සමානවම ආර්ජන්ටිනාවේ මිලිටරි ජුන්ටාවන්ගේ පරාජයත් සමගම ඇෆ්ලොන්සින් ජනාධිපතිතුමා සිදු කල මුල්ම කටයුතු කිහිපයෙන් එකක් වූයේ මානව හිමිකම් උල්ලංඝනයවීම් පිලිබඳ විමර්ශනයට සත්‍ය විමර්ශන කොමිසමක් පත් කිරීමයි. මිලිටරි ජුන්ටවන්ගේ කඩා වැටී මෙන් වසර දෙකකට පසු එනම් 1985 වසරේදී සත්‍ය විමර්ශන කොමිසමේ සොයා ගැනීම් මත පදනම්ව හමුදා නායකයන්ට එරෙහි පළමු නඩු කිහිපය විමසීම ආරම්භ කරන අප විසින් ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව පිලිබඳ විවාද කල යුතුයි. එසේම ශ්‍රී ලංකාව ඊට දැක්වූ ප්‍රතිචාරයද අප විවාදයට බඳුන් කල යුතුයි. එහෙත් අප විසින් කරන මේ සියලු සංවාදයන් නිවැරදි තොරතුරු මත පදනම්ව නිසි අවබෝධයෙන් කල යුතුයි.

Additional Info

Aruni Jayakody

Aruni holds a Master of Arts in Law and Diplomacy from The Fletcher School at Tufts University (2013). Aruni obtained her Bachelor of Laws and Bachelor of Arts from the University of Queensland (2008). She was admitted to practice as a lawyer in Australia in 2009. Prior to joining SACLS, Aruni was based in Kabul, and worked on rule of law and governance issues at the Afghanistan Research and Evaluation Unit. She has also researched United Nations monitoring, reporting and fact-finding mechanisms at the Harvard Program on Humanitarian Policy and Conflict Research. In 2010-11 she researched constitutional reform and freedom of expression issues as a researcher at the Legal and Constitutional Unit of the Centre for Policy Alternatives.

Aruni’s states interests outside work are Biryani and Beyonce.